Edit Content

Product Categories

ආමලකී” ධාත්‍රී” අම්ල” බහුපාලී” පංචරසා වැනි සුප්‍රසිද් සංස්කෘත පර්යාය නාමයන්ගෙන් හදුන්වනු ලබන Phyllanthus emblica L යන උද්භිද විද්යාත්මක නාමයෙන් හදුන්වන නෙල්ලි ආයුර්වේදය තුල සුවිශේෂි සළකුණක් සටහන් කල ඖෂධීය ශාකයකි ඉංග්‍රීසි භාෂාවෙන් හදුන්වන්නේ Emblic Myrobalan යන නාමයෙනි

Amla/ Nelli නෙල්ලි යන නාමයට අමතරව නෙල්ලිකාල ඇඹුල යන ප්‍රාදේශීය වශයෙන් භාවිතා වන නාමයන්ද නෙල්ලි සතුය  ඇඹුල යන නාමය පුරාණ සිංහල වෛද්‍ය ග්‍රන්ථයක් වන යෝග රත්නාකරයෙහි සදහන් වන අතර ඇඹුලු යන නාමය දම්පියා අටුවා ගැටපදය ග්‍රන්තයේ සදහන්ව ඇත’නෙල්ලි ගෙඩියේ ඇති ඇඹුල් රසය අම්ල රසය නෙල්ලි වලට ව්‍යවහාර කෙරෙන නම් බොහොමයක් සදහා පදනම් වී ඇති බව පිළිගැනීමයි’සත්‍ය ලෙසම නෙල්ලි ඇඹුල් පළතුරක්දර නෙල්ලි සැබෑවටම ඇඹුල් අම්ල රස පළතුරක් නොවේ නෙල්ලි වල එක් රසයක් ලෙස ඇඹුල් රසය තිබුනත් ඊට අමතරව තවත් රසයයන් හතරක් නෙල්ලි සතු බව ඔබ දන්නවාද

ආයුර්වේදයේ සදහන් වන ෂඩ් රසයන්ගෙන් නෙල්ලි වල නොමැත්තේ ලවණ රසය පමණි’අනෙක් රසයන් පහම අඩු වැඩි වශයෙන් නෙල්ලි වල ඇත ඒ නිසාම නෙල්ලි වලට “පංචරසා’ යන පර්යාය නාමයත් දක්වා ඇත’ මනා සිහියෙන් යුතුව නෙල්ලි ඵලයක් රස වින්දොත් අපට ඉතා මිහිරි වු මධුර රසයක් එක් අවස්ථාවකදි අත් විදිමට හැකිවනු ඇත’ එසේම කටු තික්ත කෂාය යන අනෙකුත් රසයන්ද ඒ ඒ ප්‍රමාණ වලින් විටින් විට සංවේදනය කර ගැනීමට පුලුවන් වේ’ විවිධ රසයන් එකම අවස්ථාවකදි රස විදිය හැකි විශ්මිත ඖෂධීය පළතුරක් වන නෙල්ලි ආම්ලකි’ ඖෂධීය ගුණයද විශ්මිතය’

Amla/ Nelli නෙල්ලි පිළිබදව ඇති ජන සාහිත්‍යමය කරුණු අනුව හින්දු දේව විශ්වාස සමග තදින් බැදී ඇති තවත් එක් ශාකයක් ලෙස නෙල්ලි දැක්විය හැක’ නෙල්ලි ගසේ උත්පත්තිය සම්බන්ධයෙන් ‘ගරුඩ පුරාණය’ නැමති හින්දු ශාස්ත්‍රීය ග්‍රන්තයේ ඇත්තේ ඉතා මනරම් කතාන්දරයකි’ පාර්වති හා ලක්ෂ්මි යන දේවාතාවියන් දෙදෙනා වන්දනා ගමනක් යාම සදහා පිටත්ව යන අතරතුරේදි මේ දෙදෙනාටම එක හා සමාන වන්දනීය සිතක් පහල වී ඇත’ඒ ප්‍රභාෂා ටීර්තා ^හින්දු දේව විශ්වාස අනුව පූජනීය ස්ථානයකි& යන ස්ථානයේදීය.

එම ආශාව නම් හාරි නැමති දේවතාවිය සහ ශිව නැමති දෙවියන්ව තමුන් විසින් මවා ගත් යම් දෙයකින් නැමදිමේ අවශ්‍යතාවයයි’ එකම මොහොතකදි මේ දේවතාවියන් දෙදෙනාටම එකම ආකාරයේ වන්දනීය සිත් පහල වීම නිසා ඇතිවූ චිත්ත ප්‍රීතිය හේතුවෙන් ඔවුන්ගේ දෑස් වලින් සතුටු කදුළු වැගිරෙන්නට වු බව කියැවේ’ පුරාණ හින්දු මාස ක්‍රමයට අනුව සටහන් වු මාස නම් වු මාසයේ ඒකදාෂි නමින් හදුන්වන එකොළොස්වැනි දිනයේ එසේ වැගිරුණු සතුටු කදුළු වලින් නෙල්ලි ගස උපන් බව හින්දු භක්තිකයන්ගේ විශ්වාසයයි’

හින්දු ආගමේ බෙලි හා තුලාසි/මදුරුතලා යන ගස් මෙන්ම නෙල්ලි ගසද වටිනා පාරිශුද්ධ වු ගසක් බවට පත්වු බව සදහන්ව ඇත’ ඉන්දියානුවන් නෙල්ලි ශාකය දේවත්වයෙහි ලා සලකණු ලැබේ නෙල්ලි ගස විසින් සියළු පවු දුරලන බව ස්කන්ධ පුරාණය නැමති ග්‍රන්ථයේ සදහන්ය’

හින්දු දහමට අමතරව බෞද්ධ සාහිත්‍යයේද නෙල්ලි පිළිබදව යම් යම් සදහන් කිරීම් දැක ගත හැකිය   ධර්මාශෝක අධිරාජයා තමන්ගේ මරණ මංචකයේ සිටියදී මහා සංඝයා වහන්සේලා විෂයෙහි නෙල්ලි පූජා කල බැව් සදහන්ය එසේම ඒ අනූව යමින් බරණැස මූල ගන්ධ කුටි විහාරය ගොඩනැගීම ආරම්භ කල අවස්ථාවේ දී සිහිවටනයක් ලෙස නෙල්ලි පරිත්‍යාග කිරීමක් සිදුවී ඇත

Amla/ Nelli නෙල්ලි විෂ්ණු දෙවියන් හා සම්බන්ධය පුරාණ භාරතීය හින්දු ග්‍රන්ථවල වල නෙල්ලි ගෙඩියක් අතේ තබාගෙන ඉදීමෙන් බොහෝ ප්‍රයෝජන අත් වන බව දක්වා ඇත’ තවද හිසේ” අතේ” කටේ” බොටුවේ” කයේ” නෙල්ලි දරයි නම් හෙතෙම පින්වන්තයෙකු මහත්මයෙකු වන බව දක්වා ඇත’ නෙල්ලි අඹරා ඇගේ ගෑම නෙල්ලි ගෙඩි වැලක් ගෙල පැලදීම නිතර නිතර නෙල්ලි කෑම වැනි ක්‍රියාවක් සිදුකරන්නෙක් දෙවියකු වැනි ය යනුවෙන්ද දක්වා ඇත’

යමෙක් නෙල්ලි ගෙඩි මිටේ තබා ගෙන සිටී නම් ඔහුට දිව්ය රාජ වරම් ලැබේ යනුවෙන්ද පවසා ඇත’ යමෙක් ලෞකික සැප සම්පත් අන්තයෙහි සුගතියක් පතන්නේ නම් කිසි දිනයක මිටේ රදවා ගෙන සිටිවා නෙල්ලි ගෙඩිය අත් නොහැරිය යුතුය’ යනුවෙන් දක්වා ඇත ජොතිෂ්‍යට අනූව නෙල්ලි ගසට හිමි බෙරණ නැකතයි මේවාට අමතරව සාහිත්‍යමය රසයෙන් අනූන තවත් කතාන්දර බොහොමයක් පෙරදිග සාහිත්‍යයේ හමුවේ

ඉන්දියාව නෙල්ලි වල මාතෘභුමිය ලෙස ලිඛිතව පිළිගෙන නැති වුවත් භාවිතයෙන් නෙල්ලි වල සම්භවය ඇරඹු භූමිය ලෙස ඉන්දියාව අවිවාදයෙන්ම සැලකිය හැක’ ඉන්දියාවට අමතරව ශ්‍රි ලංකාව” මලයාසියාව” බංගලිදේශය වැනි දකුණු ආසියාතික සහ ගිණිකොන දිග ආසියාතික රටවල නෙල්ලි වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති බව පිළිගැනීමයි’

ලංකාවේ වැවෙනා නෙල්ලි ප්‍රධාන වශයෙන් ග්‍රම්ය සහ වනස ලෙස ප්‍රභේධ දෙකකට අයත් වේ. කැලෑ / වනස නෙල්ලි ඵලය සාපේක්ෂව කුඩාය’ එහෙත් ඇටය විශාලය’ ග්‍රම්ය නෙල්ලි වල මාංශල කොටස වැඩිය. ගෙඩිය විශාලය මේ වර්ග දෙකට අමතරව රට නෙල්ලි’ යනුවෙන් හදුන්වන තවත් පළතුරක් ඇත එය නෙල්ලි ප්‍රබේදයක් නොවේ. නෙල්ලි සතු ඖෂධීය ගුණ රට නෙල්ලි වල දක්නට නොමැත රසය අනූවද මධුර සහ තික්ත රසැති වශයෙන් නෙල්ලි වර්ග දෙකක් ඇත. එයින් ඖෂධ සදහා යොදා ගන්නේ තික්ත නෙල්ලිය.

Amla/ Nelli නෙල්ලි ශාකය සම්බන්ධයෙන් නව්ය උද්භිද විද්යාවට අනූව නෙල්ලි අයත් වන්නේ  “ඉයුගෝබියේසේ” නම්වු කුලයටයි’ මීටර් 6-8 ක් පමණ උසට වැවෙන ශාකයකි’ සෘජු කදක් නොමැත’ කදෙන් පැන නගින ශාඛා/අතු රාශියකි’ කදේ හා ශාකා වල පිට පොත්ත තුනීය’ පත්‍ර සරල කුඩා ඒකාන්තර විශාල සංඛ්යාවක් දැකිය හැකිය’ ද්විපත්‍රිකව එකිනෙකට ලංව පිහිටා ඇත’ පත්‍ර වෘන්න රහිත තරම්ය පත්‍ර වල දිග සෙ මී 1-1-2 පමණ වේ’ සිහින්ය’ දිගටිය’ කුඩා කොල පැහැයට හුරු කහ පැහැති මල් ඇතිවේ’ මාංශල ගොලාකාර කොළ පැහැයට හුරු කහ පැහැති ඵල රාශියක් ඇතිවේ’

Amla/ Nelli නෙල්ලි වල ඖෂධීය ගුණ කර්ම

Amla/ Nelli නෙල්ලි යනුද බෙලි” පාවට්ටා මෙන්ම ශාකයේ පංචාංගයම ඖෂධීය වශයෙන් ප්‍රයෝජනයට ගන්නා වටිනා ඖෂධීය ශාකයකි’ නෙල්ලි අරළු ^හරීතකී& වලට සමාන ගුණ ඇත’ රක්තපිත්තය ප්රමේහය නැසිමේ ශක්තිය ඇත’ වෘෂ්යයි’ රසායනයි’ අම්ල රසය කරණ කොට ගෙන වාතය නැසීම සිදුවේ’ මධුර රසය සහ ශීත වීර්යය නිසා පිතද නසයි’ නෙල්ලි සතු රූක්ෂ ගුණය හා කෂාය රස මගින් වෘද්ධි වු කඵද නසයි’ ඒ අනූව නෙල්ලි ත්‍රිදෝෂ ශාමක ගුණ යුක්තය’අමතරව අග්නිය (appetite) වර්ධනය කරන” මල ඇති කරන ආහාරයකි’ අක්මාවේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කරයි’ හෘදයට හිතකරයි’ රුධිර සංසරණයට උපකාරී වේ’ රක්තපාතය වලක්වයි’ ගර්භාෂයට හිතකරයි’ මුත්‍රෘකාරකයි චර්ම රෝග වලට හිතකරයි’ ප්‍රමේහ රෝග වලට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි නීරක්තතාවයට ගුණදායකයි’

අමතරව විරේචන කාර්යය සදහාද ප්‍රශස්ථ ද්‍රව්‍යක් ලෙසද දක්වා ඇත’ ප්‍රජාස්ථාපක ගුණය හා වයඃස්ථාපක ගුණය නෙල්ලි සතු විශේෂ ගුණ දෙකක් ලෙස දක්වා ඇත’ විවිධ ආයුර්වේද ග්‍රන්ථ සහ විවිධ ආයුර්වේද පරම්පරාවන් නෙල්ලි එක්කල ඖෂධ යෝග යොදා විවිධ රෝගාබාධ සුවපත් කර ඇත

වැනි රෝග අවස්ථා වලදීද ධාතු ශක්තිය වැඩි වීමට” වකුගඩු දෝෂ සංසමනයට” ඉක්කාවට” හිකනැල් විෂට අම්ල පිත්ත රෝගයට” අධික කොලෙස්ට්රෝල් පාලනය යන විවිධ වු තත්ත්වයන් සදහාද යොදා ගැනේ’

රසායනික සංයුතීය

නෙල්ලි වල ප්‍රධාන රසායනික සංඝඨකය ඇස්කොබික් අම්ලයයි ^විටමින් සී& විටම්න් සී බහුලම පළතුර නෙල්ලි ය’ විටම්න් සී ප්‍රතිඔක්සිකාරකයකි (Anti oxidant). විවිධ රෝගාබාධ වැලැක්වීමේ ශක්‍යතාවයකි’ මෙම ප්‍රතිඔක්සිතාරකයක ගුණය නිසා නෙල්ලි වලට ලැබේ’ ආයුර්වේදයේ දැක්වු ප්‍රජාතස්ථාපක වයඃස්ථාපන රසායන හා වෘෂ්ය යන ගුණ වලින් පැවසෙන්නේද මේ තත්ත්වයට සමාන තත්ත්වයකි’ නව්ය විද්‍යාත්මක පරීක්ෂණ වලට අනූව සෙම්ප්‍රතික්ශාවේ සිට දරුණු පිළිකා තත්ත්වයන් දක්වා රෝගාවස්ථා වලදී රෝග නිවාරණය කිරිමේ හැකියාවක්ගුණයක් නෙල්ලි සතු බව සොයාගෙන ඇත

නෙල්ලි සතු කාබෝහයිඩ්රේට් ප්‍රමාණයද ඉහලය’ සුක්රෝස් ප්‍රමාණයද අධිකය’ ග්ලූකෝස් ප්‍රමාණයද අඩුය’ නෙල්ලි ගෙඩියේ ඇති සුක්රෝස් ප්‍රමාණයද නිසා එහි පැණි රසයක් ඇති බව විශ්වාසයයි ආයුර්වේදයේද ඇත්තේ එහි මධුර රසයක් ඇති බවයි’ මීට අමතරව අකාබනික අයන වර්ගද ඇත’ පොටෑසියම් සෝඩියම් සින්ක් වැනි මූලද්‍රව්‍ය අයන වශයෙන්ද බෝරෝන්” කොපර්” යකඩ” මැංගනීස්” පොස්පරස්” සල්ෆර් වැනි මූලද්‍රව්‍ය අයන වශයෙන් සුළු මාත්‍රා වලින්ද අඩංගු බව සොයාගෙන ඇත’

ඇමයිනෝ අම්ල වර්ග දාහතක් අන්තර්ගත වේ’ නෙල්ලි වල ආම්ලිකතාවය (ph අගය) 2.65 කි. මෙය තරමක ආම්ලික පැත්තට වැඩි බරක් වු අගයකි’ මෙය නෙල්ලි වල ඇති ඇඹුල් අම්ල රසයට ප්‍රධානතම හේතුවයි මේද අම්ල වශයෙන් ගෙඩියේ ඇත්තේ එකක් පමණි’ ඒ මිරිස්ටික් නම් මේද අම්ලයයි බීජ වල ලිනෝලෙයික් මේද අම්ල ඔලෙයික් පැල්මිටික් හා ස්ටියරික් යන මේද අම්ලද ඇත’ මීට අමතර ෆීනොලික සංයෝග කාබනික අම්ල ඇල්කලොයිඩ ඔක්සීන වැනි රසායනික සංයෝග වර්ගද මීට අමතරව නිරික්ෂණය කර ඇත’

References

https://en.wikipedia.org/wiki/Phyllanthus_emblica

(තොරතුරු අන්තර්ජාලයෙනි මෙම කරුණු දැනුවත් කිරීම හා මග පෙන්වීම සදහා පමණි)

Oat Milk Powder

Rs. 1,200.00
or 3 X Rs.400.00 with Koko

Yaki Narang Leaves powder

Rs. 790.00
or 3 X Rs.263.33 with Koko

4-in-1 Super Seeds Mix

Rs. 650.00
or 3 X Rs.216.67 with Koko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hello ????
Chat now via Whatsapp