Edit Content

Product Categories

Hathawariya

ලෝකය පුරා ආයුර්වේදීය වටිනාකමක් සහිත ශාක බොහෝමයක් පවතින අතර ඒ අතරින් Hathawariya හාතවාරිය ශාකය ආයුර්වේදීය ශාක අතර රැජිණ ලෙස හදුන්වයි. හාතවාරිය ශාකය ලෝකයේ බොහෝ රටවල හොඳින් වර්ධනය වන ශාකයක් ලෙස හදුන්වන්න පුලුවන්.

Hathawariya හාතවාරිය හී විද්‍යාත්මක නාමය Asparagus racemosus වන අතර එය Asparagacea පවුලට අයත් ශාකයකි. එසේම එය ශ්‍රී ලංකාව තුළ  සහ ඉන්දියාවේ ඉතා ජනප්‍රිය දේශීය ඔසු පැළෑටියකි. සංස්කෘත භාෂාවෙන්, එය Shatavari ලෙස හඳුන්වයි. එසේම ආසියාතික අනිකුත් රටවල සහ ඔස්ට්‍රේලියාවේද හාතවාරිය හොඳින් වර්ධනය වේ. ඉතා විශාල සෞඛ්‍යමය වටිනාකමක් ලබාදෙන මේ ශාකය මේ වන විට වඳ වී යාමේ තර්ජනයටද මුහුණපා ඇත.

ප්‍රධාන වශයෙන් හාතවාරිය හී මුල් සහ පත්‍ර ආයුර්වේදයේදි ඖෂධ ලෙස භාවිතා කරයි. ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිබැක්ටීයා ගුණාංග හාතවාරිය වලට ඇති අතර එය ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් පවත්වා ගැනීමටද දායක වේ.

Hathawariya හාතවාරිය යනු පැතිරුණු පඳුරක් වැනි වැල් වර්ගයක් වන අතර එහි ඉඳිකටු වැනි කොළ සහ කුඩා සුදු පැහැති සුවඳැති මල් දක්නට ලැබෙන අතර  පසුව කළු-දම් පැහැති කුඩා බෙරි නිපදවයි. අල සහිත මූල පද්ධතියකින් දක්නට ලැබෙන අතර මුල් වලින් නව අංකුර සාදයි.

අඩු උන්නතාංශ සහිත ප්‍රදේශ වල  සෙවණෙහි සහ නිවර්තන කලාපවල Hathawariya හාතවාරිය වර්ධනයට ප්‍රියතාවයක් දක්වයි හාතවාරිය මුල් ස්ටෙරොයිඩ,සැපෝනින්, ෆ්ලේවනොයිඩ්, ටැනින් සහ ප්‍රතිඔක්සිකාරක ඇතුළු ෆයිටොකෙමිකල් සහිත විටමින් සහ ඛනිජ ලවණවලින් පොහොසත් ප්‍රභවයකි. එසේම හාතවාරිය පත්‍ර වලද වැදගත් රසායනික සංයෝග ගණනාවක් අන්තර්ගත වේ. හාතවාරිය  ස්වභාවධර්මයේ ඇති හොඳම වයස්ගත වීම වැළැක්වීමේ ගුණාංග ඇති ශාකයක් ලෙසද හදුන්වන්න පුලුවන්.

Hathawariya හාතවාරිය ශාකය ශාරීරික සහ මානසික  ආතතිය සමඟ සාර්ථකව සටන් කර ඒවා මඟ හැරීමට දායක වේ. හාතවාරිය ශාකයේ සෞඛ්‍යමය වටිනාකම පිළිබඳව කතා කිරීමේදි එයින් ගත හැකි ප්‍රයෝජන නම් ඉතා ඉහළයි. ඔබේ ගෙවත්තෙහි වැඩෙන මෙවැනි ශාක මඟින් ලබා ගත හැකි ප්‍රතිලාභ නම් කියා නිමකළ නොහැකිය.

Click here buy Hathawariya Powder

1. කාන්තා රෝග සදහා විසඳුමක් ලෙස

කාන්තා ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝග වලට විසඳුමක් ලෙස මෙන්ම කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතියේ සෞඛ්‍යසම්පන්නභාවය පවත්වා ගැනීම සදහාද හාතවාරිය වැදගත් වේ. කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අවසන් වීමෙන් පසු ඇතිවන විවිධාකාර සංකූලතා සදහාද ඔසුවක් ලෙස හාතවාරිය ශාකය භාවිතා කරයි. ශරීරයේ පවත්නා උණුසුම් බව මෙන්ම අධික දහඩිය දැමීමද මේ අතර වෙයි. මෙවැනි තත්වයන් සදහා හාතවාරිය හී අඩංගු රසායනික සංඝටක උපකාරි වේ.
එසේම ගර්බණී මව්වරුන් සහ කිරි දෙන මව්වරුන් සදහාද හාතවාරිය ඉතා ගුණදායක වේ. එහි ඇති රසායනික මඟින් කිරි නිපදවීම වැඩි කරයි.

2. වකුගඩු ආශ්‍රිතව හට ගන්න ගල් සදහා

වර්තමානයේ බොහොමයක් දෙනා වකුගඩු ආශ්‍රිතව හටගන්නා ගල් සහිත තත්වයන්ගෙන් පීඩා විඳියි. අප ගන්නා ආහාර වල ඇති ඔක්සලේට් නම් රසායනිකයන් එක්රැස් වීමෙන් එම ගල් ඇති වේ. පසුව ඒවා වකුගඩු තුල රැදෙමින් පිඩාකාරි තත්ව ඇති වේ. හාතවාරිය මුල් සාරය මඟින් ඔක්සලේට් එක්රැස් වීමෙන් ගල් ඇතිවීම වළක්වයි. එසේම වකුගඩු වල ක්‍රියාකාරිත්වය හොඳින් පවත්වා ගැනීමටද හාතවාරිය දායක වේ.

3. දියවැඩියාව සදහා ඔසුවක් ලෙස

රුධිර සීනි මට්ටම නියත අගයක පවත්වා ගැනීම සදහා ද හාතවාරිය දායක වේ. එහි ඇති රසායනික සංඝටක මඟින් රුධිරයේ සීනි මට්ටම අඩු කරයි. එසේම දේහය තුළ ඉන්සියුලීන් හෝමනයේ ක්‍රියාකාරිත්වය හා නිෂ්පාදනයද හාතවාරිය මඟින් ඉහළ නංවයි.

4. ගැස්ට්‍රයිටිස්, ආමාශයේ සහ බඩවැල් ආශ්‍රිත පිළිකා සදහා

ආමාශය සහ කුඩා අන්ත්‍රය ආශ්‍රිතව හට ගන්නා වණ සදහාද හාතවාරිය ඉතා ගුණදායක වේ. එලෙස හට ගන්නා වණ ඉතා වේදනාකාරි වන අතර එම වේදනාවන් සමනයට හාතවාරිය දායක වේ.

5. මානසික පීඩනය අවම කිරීම සදහා

විශාදය සහ මානසික පීඩනය අවම කිරීම සදහාද හාතවාරිය ශාකයේ අන්තර්ගත රසායනික සංඝටකයන් උපකාරී වේ.

Hathawariya Roots

6. නිරෝගි සමක් සහ ආකර්ෂණීය පෙනුමක් ලබා ගැනීම සදහා

හාතවාරිය හී ඇති ස්වාභාවික රසායනික සංයෝග මඟින් සමේ ඇතිවන රැලි වැටීම් අඩු කරන අතර අතර free radicals මඟින් සමේ ඇති සෛල වලට වන හානිය අඩු කරයි. එසේම කොලැජන් බිඳ වැටීම අඩු කර සමේ මෙන්ම දේහයේද සුන්දරත්වය පවත්වා ගැනීමටද දායක වේ. මිනිස් දේහයේ සමට යටින් කොලජන් ස්තරයක් දක්නට ලැබේ. මෙම කොලජන් ස්තරය රැක ගැනීම සදහා උපකාරි වන බොහෝ රසායනික ද්‍රව්‍ය වලින් හාතවාරිය  පොහොසත් ය.

සමේ ඇදෙන සුලු බව හොඳින් පවත්වා ගැනීමටද හාතවාරිය වල ඇති saponins දායක වේ. එසේම හිසකෙස් වල නිරෝගීභාවයට මෙන්ම හිසකෙස් වර්ධනයට ද හාතවාරිය දායක වේ. නිරෝගි කෙස් කළඹක් ලබා ගැනීමට සිහින දකින ඔබට හාතවාරිය යනු කදිම ඔසුවකි. අකලස හිසකෙස් සුදු වීම වළක්වා හිසකෙස් වල වර්ණය පවත්වා ගැනීමටද හාතවාරිය දායක වේ.

7. ස්නායු පද්ධතියේ ආරක්ෂාවට

මානව ස්නායු පද්ධතිය ආශ්‍රිතව හට ගන්නා පාකින්සන් සග ඇල්ෂයිමර් වැනි රෝග සදහාද හාතවාරිය ගුණදායක වේ. මෙහිදී නියුරෝන සෛල වල පැවැත්ම ආරක්ෂා කිරීමට හාතවාරිය දායක වේ. හාතවාරිය ස්නායු පද්ධතිය සුවපත් කරමින් මිනිස් මොළයේ සෞඛ්‍යය පවත්වාගෙන යාමටද දායක වෙයි.

8. අතීසාරය සදහා ප්‍රතිකාරයක් ලෙස

අතීසාර තත්වයන් ශරීරය විජලනය කරන අතර එමඟින් electrolyte සමබරතාවය නැති කරයි. මෙවැනි තත්වයන් සදහාද හාතවාරිය  අල මඟින් ලබා ගත් යුෂ භාවිතා කරයි.

9. බැක්ටීරියා නාශක හැකියාව

Hathawariya හාතවාරිය මුල් මඟින් ලබා ගත් සාරයට විවිධ රෝග ඇති කරන ක්ෂුද්‍ර ජීවින් විනාශ කිරීමට හැකියාව ඇත. උදාහරණ ලෙස E coli, shigella, vibrio සහ salmonella හැදින්විය හැකිය.

10. කැස්සට විසඳුමක් ලෙස

Hathawariya හාතවාරිය මුල් වලින් ලබා ගත් සාරය කැස්ස මැඩ පැවැත්වීම සදහාද ඉතා ගුණදායක වේ.

Oat Milk Powder

Rs. 1,200.00
or 3 X Rs.400.00 with Koko

Yaki Narang Leaves powder

Rs. 790.00
or 3 X Rs.263.33 with Koko

4-in-1 Super Seeds Mix

Rs. 650.00
or 3 X Rs.216.67 with Koko

හාතවාරිය අපේ ආහාරයට එක් කර ගත හැකි විවිධ ආකාර

කැඳ පානයක් ලෙස

අමු හාතවාරිය කොළ වංගෙඩියක් ආධාරයෙන් හෝ බ්ලෙන්ඩරයක් ආධාරයෙන් කොටා මිරිකා යුෂ ලෙස සකස් කිරීමෙන් හාතවාරිය කැඳ පිළියෙල කළ හැකිය. මෙහිදි බොහෝමයක් දෙනා හාතවාරිය වලට අමතරව තවත් විවිධ කොළ වර්ගද හාතවාරිය සමඟ යොදා ගනි. හාතවාරිය කැඳ සිරුර සිසිල් කිරීමට සහ හොඳින් මුත්‍රා පිට කිරීමටද දායක වේ. එසේම හාතවාරිය වල අන්තර්ගත කෙඳි ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව හට ගන්නා රෝගයන්ට මෙන්ම මලබද්ධයටද ඉතා හොඳය.

කාර්‍යබහුල ජීවිතයක් ගත කරන ඔබට හාතවාරිය කැඳ සකසා ගැනීම අපහසු කාරණාවක් වනවා නොඅනුමානයි. නමුත් විජලනය කරන ලද හාතවාරිය කොළ භාවිතයෙන්ද ඔබට මෙලෙස හාතවාරිය කැඳ පහසුවෙන් සකසා ගත හැකිය.

ශතවර්ෂ ගණනාවක් තිස්සේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදි හාතවාරිය භාවිතා කර ඇත. දේහයට ප්‍රමාණවත් තරමින් ආහාරයට එකතු කර ගැනීම මඟින් එහි ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිශක්තිකරණ ප්‍රතිලාභ ඔබට ලබා ගැනීමට හැකියාව ඇත. මෙවැනි ඖෂධීය ශාක කලාතුරකින් හෝ දේහයට එක් කර ගැනීම මඟින් සෞඛ්‍යසම්පන්න දිවි පෙවෙතක් සදහා මඟ පාදයි. ඉතිං ඔබත් මෙවැනි ශාක ඔබේ ගෙවත්තෙහි සිටුවා ගැනීමටත් අමතක නොකරන්න.

මූලාශ්‍ර

https://lupinepublishers.com/food-and-nutri-journal/pdf/SJFN.MS.ID.000161.pdf

https://en.wikipedia.org/wiki/Asparagus_(genus)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hello ????
Chat now via Whatsapp