Edit Content

Product Categories

Thebu
Close-up of the Costus Speciosus shrub. Barbados

අප නොදන්නා නමුත් අපගේ ගෙවත්තෙහි වැඩෙන පුංචි පැලෑටි වලින් මහඟු සේවාවක් ඉටු වෙයි. ආයුර්වේදයේදි මෙවැනි ශාක බොහෝමයක් රෝග සදහා ප්‍රතිකාර ලෙස යොදා  ගනි. ව‍ර්තමානයේ වයස් භේදයකින් තොරව බොහෝමයක් දෙනා විවිධ බෝ නොවන රෝග වලට ගොදුරු වී හමාරයි. මේ නිසා මිනිසුන් තම ආහාර වේලට ඖෂධීය ශාක වලින් සදා ගන්නා ව්‍යාංජන ආදිය එකතු කර ගැනීමට අමතක නොකරයි. අද අපි කතා කරන්නෙ එවැනි ප්‍රතිලාභ ලබාදෙන ශාකයක් පිළිබඳවයි ඒ තමයි තෙබු ශාකය.

Thebu තෙබු කොළ කියූ සැනින් අපගේ මතකයට පැමිණෙනුයේ දියවැඩියාවයි. ඒ තරමටම දියවැඩියාව සහ තෙබු කොළ ශ්‍රී ලාංකිකයන් අතර ඉතා ජනප්‍රිය වේ.නමුත් තෙබු යනු දියවැඩියාවට පමණක් නොව විවිධ රෝග වලට ගුණ දෙන දිව්‍යමය ඖෂධයක්. සරලව Thebu තෙබු කොළ යනු දියවැඩියාව සමඟ සටන් කර දියවැඩියා රෝගීන්ගේ රුධිර සීනි මට්ටම නියත අගයක පවත්වා ගැනීමට උපකාරී වන ඉතා වටිනා ශාකයක්.

Costus speciosus යන විද්‍යාත්මක නමින් හදුන්වන තෙබු ශාකය Costaceae නම් පවුලට අයත් ශාකයකි. මෙම පවුලට අයත් ශාක විශේෂ 1300 ක් පමණ ඇති අතර ඒවා ලෝකය පුරා ව්‍යාප්තව ඇත. තෙබු ශාකය ආසියාතික රටවල් වල මෙන්ම අප්‍රිකාව හා ඇමරිකාව තුළද බහුලව දක්නට ලැබේ. එසේම ඖෂධීය ශාකයකට අමතරව විසිතුරු ශාකයක් ලෙසද බහුලව වගා කරනු ලබයි. Thebu තෙබු ශාකයේ රයිසෝමික මුලක් දක්නට ලැබෙන අතර එයින් විහිදුනු රතු පැහැයට හුරු කඳක් දැකිය හැකියි.

වැසි  සහිත කාලගුණික තත්වයන් තෙබු සිටුවීම සදහා ඉතා සුදුසුය. හොඳින් වර්ෂාපතනය ලැබෙන කාලවල් හීදි තෙතමනය සහිත පසෙහි හොඳින් වර්ධනය වේ. එසේම මෙම ශාකය අඩු උණුසුම් පරිසරයක  වර්ධනයට ප්‍රියතාවයක් දක්වයි.

දියවැඩියාව සහ ඒ ආශ්‍රිත තත්වයන්ට පමණක් සීමා නොවී විවිධ රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙස දේශීය වෛද්‍ය විද්‍යාවේදී තෙබු ශාකයේ පත්‍ර මෙන්ම රයිසෝමික මුල්ද භාවිත කරයි.


Thebu තෙබු ශාකයේ පත්‍ර වල මෙන්ම රයිසෝමික මුල්වලද විවිධ alkaloid වර්ග, flavonoids වර්ග phenolic compounds සහ sterols, sesquiterpenes ආදි ඉතා වැදගත් සංඝටක අඩංගු වේ. විද්‍යාත්මක පර්‍යේෂන මඟින් සොයාගෙන ඇති ආකාරයට මේවායේ  ඉහළ saponins ප්‍රමාණයක්ද අන්තර්ගත වේ.

එසේම විවිධ ප්‍රතිඔක්සිකාරක රාශියක් මේ ශාකයේ පත්‍ර වල අන්තර්ගත වේ.ඒවා නම් විටමින් C , බීටා කැරොටීන් යන ඒවායි. තෙබු ශාකය සතුව ප්‍රති-බැක්ටීරියා, ප්‍රති-දිලීරමය, ප්‍රති-ඔක්සිකාරක සහ ප්‍රති හයිපර්ග්ලයිසමික් ගුණාංග ඇති බව විද්‍යාත්මක පර්‍යේෂන මඟින් සොයාගෙන ඇත.

මෙම ශාකයේ රයිසෝම ආයුර්වේදයේදි නියුමෝනියාව, මලබද්ධය, සමේ රෝග, උණ, ඇදුම, බ්රොන්කයිටිස්, දැවිල්ල, රක්තහීනතාවය, රූමැටික්, කැස්ස, මුත්‍රා  රෝග සහ සෙංගමාලය වැනි රෝග වලට ප්‍රතිකාරයක් ලෙස ලබා දෙයි. රයිසෝම අඹරා ගත් යුෂ ලාදුරු රෝගයට ප්‍රතිකාර කිරීම සඳහාද ලබා දෙයි. දැන් අපි බලමු තෙබු ශාකයේ වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කම පිළිබඳව. තෙබු ශාකයේ අන්තර්ගත විවිධ රසායනික සංඝටක බොහෝමයක් රෝග සුව කිරීම සදහා දායක වේ.

Buy Thebu Leaf Powder

Thebu තෙබු කොළ වල ප්‍රතිලාභ

1. දියවැඩියාව පාලනය සදහා විසඳුමක් ලෙස

දියවැඩියාව යනු වර්තමානයේ බොහෝ දෙනෙක් පීඩා විදින නිදන්ගත රෝගයකි. මෙහිදී ඉන්සියුලීන් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය අඩපණ වීම මඟින් රුධිර සීනි මට්ටම ඉහළ යයි. ඒ හේතුවෙන් විවිධ පීඩාවන්ට ලක් වේ. රුධිර සීනි මට්ටම නියත අගයක පවත්වා ගනිමින් සෞඛ්‍යයසම්පන්න ජීවිතයක් ගත කිරීම උදෙසා තෙබු ඉතා ගුණදායක වේ. මෙහිදී අමු තෙබු කොළ සම්බෝලයක් ලෙස සකසා බත් සමඟ ආහාරයට ගැනීම මඟින් දියවැඩියාව පාලනය කර ගත හැකි බව ආයුර්වේදයේදි පවසයි.

2. රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමට

Thebu තෙබු ශාකය සතුව පවත්නා රසායනික සංයෝග වලට ට්‍රයිග්ලිසරයිඩ් හා LDL-කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාව පවති. මේ නිසා කොලොස්ටරෝල් රෝගයෙන් පීඩා විදින්නන්ට මෙය ඉතා හොඳය.

3. පිළිකා සහ හෘද රෝග සදහා

තෙබු හී අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක මඟින් පිළිකා සහ හෘද රෝග වැනි නිදන්ගත රෝග ඇති වීමේ අවදානම අඩු කරයි. මේ සදහා taninns, lignans, stilbenes, cou-marins, quinones, xanthones ආදි රසායනික සංඝටක උපකාරී වෙයි.

4. මානසික ආතතියට විසඳුමක් ලෙස

මානසික ආතතිය යනු සෑම පුද්ගලයෙක්ම පාහේ මුහුණ දෙන දෛනික සංසිද්ධියකි. මානසික ආතතිය පාලනය කිරීම සදහා තෙබු රයිසෝම සාරය උපකාරී වේ. මේ නිසා මානසික ආතතියට විසඳුමක් ලෙසද තෙබු ගුණදායක වේ.

5. ප්‍රති ක්ෂුද්‍ර ජීවි සහ ප්‍රති දිලීර නාශක හැකියාව

Thebu තෙබු වල අඩංගු Diosgenin නම් රසායනික සංයෝගයට මෙම ගුණාංග පවති. ඒවා මඟින් රෝග වලට හොඳින් ඔරොත්තු දීමේ හැකියාවක් ලබා දෙයි. කලාතුරකින් හෝ තෙබු කොළ ආහාරයට ලබා ගන්නේ නම් එයින් ඔබට සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කිරීම සදහා මහඟු දායකත්වයක් සපයයි.

ළපටි කඳ සහ කොළවල යුෂ අක්ෂි සහ කන් වල ඇතිවන ආසාදන සදහා යොදා ගනි. එසේම ඈත අතීතයේ සිට ගෝත්‍රික සහ ග්‍රාමීය ජනතාව සර්ප දෂ්ට කිරීම්, උමතු බල්ලන් සහ හිවලුන් සපා කෑම ආදී අවස්ථාවන්හීදි ප්‍රතිකාරයක් ලෙස තෙබු කොළ සාරය භාවිතා කර ඇත.

තෙබු කොළ වල අඩංගු කෙදි මඟින් මලබද්ධය වළක්වන නිසා මලබද්ධයෙන් පීඩා විදින්නන්ටද තෙබු කොළ අමුවෙන් සම්බෝලයක් ලෙස සකසා කෑම ඉතා ගුණදායක බව ආයුර්වේදයේදි සදහන් වේ.

Oat Milk Powder

Rs. 1,200.00
or 3 X Rs.400.00 with Koko

Yaki Narang Leaves powder

Rs. 790.00
or 3 X Rs.263.33 with Koko

4-in-1 Super Seeds Mix

Rs. 650.00
or 3 X Rs.216.67 with Koko

තෙබු කොළ ආහාරයට ගත හැකි විවිධ ආකාර

තෙබු කොළ සම්බෝලයක් ලෙස

තෙබු කොළ සම්බෝලයක් ලෙස ආහාරයට  ගැනීම සඳහා ඉතා රසවත්ය.

මේ සදහා අවශ්‍ය වන්නේ
නැවුම් තෙබු කොළ මිටක්
සිහින්ව ගා ගත් පොල්
රතු  ලූණු
ලුණු
අමු මිරිස්
දෙහි යුෂ  යන ආදියයි.

හොඳින් සෝදාගත් තෙබු කොළ සිහින්ව කපා ගන්න. පසුව එයට ගා ගත් පොල්, අවශ්‍ය ප්‍රමාණයට ලුණු, රතු ලූණු, අමු මිරිස් සහ දෙහි යුෂ එකතු කරන්න. හැන්දක් භාවිතා කර හෝ අතින් මෙය මිශ්‍ර කරන්න. සාමාන්‍යයෙන් තෙබු කොළ සම්බෝලයෙහි රසය ගොටුකොළ හී රසයට ඉතා සමාන වේ. නමුත් ඉතා තදින් මිශ්‍ර කිරීම මඟින් මෙහි රසය වඩාත් තිත්ත විය හැකියි. මේ නිසා ඉතා සීරුවෙන් මිශ්‍ර කිරීම කළ යුතුයි.

දැන් අපි දන්නවා තෙබු කොළ වල වටිනාකම පිළිබඳව.නමුත් කතාවක් තියෙනවනේ කොයි දේත් ඕනවට වඩා ඕන් නෑ කියලා. තෙබු කොළ වලටත් ඒ කතාව අදාලයි. දිනපතා තෙබු කොළ ආහාරයට ගැනීම නම් එතරම් ගුණදායක නෑ. සතියකට වරක් හෝ දෙවරක් ආහාරයට එකතු කර ගැනීම මඟින් ඉහත සදහන් කළ ප්‍රතිලාභ පහසුවෙන් ලබා ගන්න පුලුවන්.

තෙබු කොළ තේ පානයක් ලෙස

පානයට ගැනීම. හිරු එලියේ වියලා ගත් තෙබු කොළ කුඩු ලෙස සකස් කර තේ පානයක් ලෙස බීමට ගැනීමද ශරීරයට හිතකර වේ. කාර්‍යබහුල ජීවිතයක් ගත කරන අයට නම් මෙය කදිම විසඳුමක්. මෙසේ සකසා ගත් තෙබු කොළ කුඩු වලට උණු වතුර දමා සතියකට වරක් හෝ දෙවරක් පානයට ගැනීම හොඳය. ඔබ ඔබේ ආහාර වේලට තෙබු කොළද එකතු කර ගන්නේ නම් එයින් ඔබට ඉතා විශාල ප්‍රතිලාභ රාශියක් ලබා ගත හැකිය.

බටහිර වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වුවද ඖෂධීය වටිනාකම් සහිත ශාක වලින් ලබා ගත හැකි ප්‍රතිලාභ ද බොහෝය. රෝග වලින් ආරක්ෂා වීම සදහා වැනි ඖෂධීය ශාක ද ඔබේ ආහාරයට එකතු කර ගැනීමට පුරුදු වෙන්න. ඉතිං ඔබේ ගෙවත්තෙහි පහසුවෙන් වැඩෙන තෙබු ශාකයෙන් ලබා ගන්න පුලුවන් වටිනා ප්‍රතිලාභ ලබා ගන්න අමතක කරන්න එපා.

මූලාශ්‍ර

https://en.wikipedia.org/wiki/Cheilocostus_speciosus

https://www.sciencedirect.com/science/article/pii/S0254629915000137#:~:text=The%20rhizome%20which%20is%20widely,Moosmann%20and%20Behl%2C%202002).

https://www.researchgate.net/figure/Thebu-leaves-Thebu-Costus-speciosus-leaves-are-consumed-as-mallum-sambol-in-Sri-Lankan_fig5_346966362







Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hello ????
Chat now via Whatsapp