Edit Content

Product Categories

Polpala පොල්පලා වල වකුගඩු හා මුත්‍රා ආසාධනයන් පමණක් නොවෙයි මුත්‍රා ගල් ඇති අයටත් එම ගල් ඉවත් කිරීම පහසු කරවීම සඳහා පොල්පලා විවිධ ආකාරයට පිළයෙල කර  ගනි. අතිතයේදී බොහෝ වේදනා වලට කල පිලියමක් තමයි බෙහෙත් පොට්ටනි වලින් තැවීම සහ තෙල් ගෑම පොල්පලා වන්ඩුවේ කොටා වාෂ්පයෙන් තම්බා උණුසුමෙන් පොට්ටනියක තබා තැවීමෙන් කොන්ද කැක්කුම් අඩු කර ගැනීම අපේ සිංහල වේද මහත්වරුන්  ඒ කාලයේ බහුලව කර තිබෙනවා.

පොල්පලා වල මුල් නිජබිම ලෙස හැදින්වෙන්නේ අප්‍රිකා මහා ද්වීපය වුවත් මේ අගනා පැලෑටිය ආසියාව පුරාමත් ඔස්ටේලියාවෙත් සරුවට වැවෙනවා මෙහි ඇත්තේ පුදුමාකාර එකිනෙකට වෙන්කර හදුනාගත නොහැකි ගුණ ගණනාවක්. බොහෝ සංස්කෘතීන් වල වසර දහස් ගණනාවක් වකුගඩු සහ මුත්‍රා රෝග වලට ප්‍රතිකාරයක් ලෙස පොල්පලා භාවිතා කර ඇත්තේ එහි අඩංගු වකුගඩු වල පෙරීමේ ගුණය වැඩි කර ශරීරයෙන් දියර ඉවත්කරමින් (diuretic ) මුත්‍රා මාර්ගය පිරිසිදු කිරීමේ හැකියාවත් ක්ෂුද්ර ජීවි විනාශ කිරීමේ හැකියාවත් නිසයි.

පොල්පලා වල ඇති ප්‍රති පරපෝෂිත (anti parasite) ගුණය නිසා කුඩා දරුවන්ගේ පණු අමාරු වලට සහ තයිෆොයිඩ් උණට ප්‍රතිකාරයක් ලෙසත් මැලේරියාව රෝගය අවම කර ගැනීමටත් පුළුවන්’ හිසරදයට පොල්පලා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වන අතර ගොනෝරියා නමැති සමාජ රෝගය සමනය කිරීමටත් බහුලව යොදා ගන්නවා’

රසායනාගාර පර්යේෂණ වලින් තහවුරු කර ඇති අන්දමට පොල්පලා වලට එකිනෙකට විරුද්ධ විශාල පරාසයක ක්ෂුද්‍ර ජිවින්ට විරුද්ධව (anti microbial)   ක්‍රියාත්මක කරන්නට පුළුවන්’ මේ අතරට ස්ටෆිලොකොකස්” ක්ලේබ්සියෙල්ලා” ඊ කෝලයි” ශිගේල්ලා ඇතුළු බොහෝ බැක්ටීරියාවන්ද කැන්ඩිඩා වැනි දිලිර වර්ගද අයත් භාෂ්මික ගුණ ඇති පොල්පලා ආම්ලික භාවය නැති කිරීමටත් ශරීරය සිසිල් කිරීමටත් උපකාරී වන අතර එහි ඇති හිස්ටමින් වලට විරුද්ධ රසායන නිසා (anti histamine) ආසාත්මිකතා වලක්වා ගන්නත් පුළුවන්.

රුධිර ගත සිනි සහ මෙධ්ය අඩු කිරීමේ හැකියාව නිසා නිතර භාවිතයෙන් දියවැඩියාව සහ හෘද රෝග වලක්වා ගැනීමටත් පුළුවන්. මිට අමතරව පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක්ද ශරීරයට ප්‍රතිශක්තිය ලබාදීමේ හැකියාවත් අක්මා පටල ප්‍රතිසංස්කරණය කිරීමටත් මහගු හැකියාවක් පොල්පලා වල තිබෙනවා.

ලොව පුරා රසායනාගාර පර්යේෂණවලට නිරන්තරයෙන් බඳුන් වන මේ පුදුමාකාර පැලෑටිය දිනපතා පර්යේෂකයන් පුදුමයට පත් කරවන්නේ මෙහි ඇති වෙන්කර හදුනාගන්නට බැරි අසමාන ගුණ ප්‍රමාණයයි. ඇමෙරිකානු ඖෂධක පර්යේෂණ ආයතනය පවසන්නේ පොල්පලා ශාකයේ විවිධ කොටස් වල ඇති ජිව රසායන විවධත්වය නිසා මේ ගුණ ලැබෙන බවයි.

Polpala-www.myherbals.lk

භාවිතා කරන ආකාරය

(තොරතුරු අන්තර්ජාලයෙනි මෙම කරුණු දැනුවත් කිරීම හා මග පෙන්වීම සදහා පමණි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hello ????
Chat now via Whatsapp