Call Link +94 777 463 898
Call Link +94 777 463 898

පිළිකා නසන ගුණයන් බොහෝමයකින් පිරුනු කරවිල

Karawila benefits- Myherbals

Karawila benefits: කරවිල යනු ශ්‍රී ලංකාවේ බොහෝ වශයෙන් භාවිත වන ගුණදායි එළවලුවකි. මෙම ශාකය අයත් වන්නේ Cucurbitaceae කුලයට වන අතර විද්‍යාත්මක නාමය වන්නේ Momordica charantia L. යන්නයි. මෙම ශාකය වැලක් ලෙස අඩි 13-16 ත් අතර ප්‍රමාණයකට හෝ ඊට වැඩි දිගකින් යුතුව වැඩේ. 4-12cm පමණ දිගින් යුතු වූ පත්‍ර හටගන්නා අතර ඒවා 3-7 ක් අතර කොටස් ප්‍රමාණයකින් ඛණ්ඩිකා වලට බෙදී ඇත. එම ඛණ්ඩිකා මොට වූ ස්වභාවයක් දක්වයි. කරවිල මල් සෑමවිටම ඒක ලිංගික වන අතර ගැහැණු හා පිරිමි මල් දෙවර්ගයම කහ පැහැයක් ගනී. කරවිල ගෙඩිය දිගැටි හැඩයක් ගන්නා අතර කොළ හෝ සුදු පැහැයෙන් යුක්ත වේ. එය ක්‍රමයෙන් ඉදෙන විට කහ පැහැයකට හැරේ. කරවිල මදයෙන් ආවරණය වී ඇති බීජය 8-13mm පමණ විශ්කම්භයක් ගනී. කරවිල ගෙඩිය සාමන්‍යයෙන් අඟල් 2-10 ත් අතර දිග ප්‍රමාණයට වැඩේ. එක වැලකින් ගෙඩි 10-12 ත් පමණ ලබා ගත හැකිය. කරවිල ශාකය නිවර්තන කලාපීය ශාක යටතට ගැනෙන අතර දහවල් උෂ්ණත්වය 75-80 0F වූ පරාසයකදී පහසුවෙන් වගා කල හැකිය. එමෙන්ම වැඩි කොම්පෝස්ට් ප්‍රමාණයක් සහිත, හොඳින් ජලය බැස යන, pH අගය 5.5-6.7 වූ පසක සාර්ථකව වගා කළ හැකිය. 

කරවිල වගාව

කරවිල බීජ වැපිරිය යුත්තේ අඟල් බාගයක් පමන ගැඹුරු වලවල් තුලය. එම වලවල් අතර පරතරය 30cm පමණ  ප්‍රමානයක් තබා ගැනීම සුදුසුය. එමෙන්ම එක වලකට බීජ දෙක බැගින් යොදනු ලබයි. බීජ පැලවීම දින 8-10 ත් අතර කාලයකදී සිදුවේ. අධික වියලි බව හෝ අධික තෙතමනය පැල හටගැනීම ප්‍රමාද කරයි. කරවිල ශාකය වැලක් ලෙස වැඩෙන බැවින් එය වගා කල යුතු වන්නේ ආධාරක යොදා ගනිමිනි. ආධාරක අතර පරතරය අඩි 9-10 ත් අතර විය යුතුය. ආධාරක භාවිත කිරීම තුලින් ශාකය ලෙඩ රෝග වලට ගොදුරු වීම අවම වීම, අස්වැන්න නෙලීම පහසු වීම වැනි විශේෂ වාසි රැසක් අත් කර ගැනීමට හැකිය. ආසියාතික රටවල ඉතා සුලබව භාවිත වන මෙම එළවළුව වගා කිරීම ඉතා පහසු වන අතර ප්‍රයෝජන රාශියක් ලබා ගත හැකිය. මෙම ශාකය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඖෂධයක් ලෙස බහුලවම  භාවිත කෙරෙන්නේ එහි ඇති සුවිශේෂී වූ සෞඛ්‍යමය වටිනාකම් නිසාය. 

කරවිල සතු පෝෂණීය ගුණ/ Karawila benefits

කරවිල වල පෝෂණ කොටස් ඉතා විශාල ප්‍රමානයක් තිබේ. යකඩ, මැග්නීසියම්, විටමින් සී මෙන්ම පොටෑසියම් සහ වෙනත් විටමින් වර්ග බොහෝමයක් ද මෙහි අඩංගු වේ. කරවිල යනු තන්තු බොහෝ ප්‍රමාණයක් අඩංගු ආහාරයකි. ඊට අමතරව නිවිති වල අඩංගු කැල්සියම්, බ්‍රොකොලී වල  අඩංගු බීටා කැරොටීන් සහ කෙසෙල් වල අඩංගු පොටෑසියම් ප්‍රමාණයන් මෙන් දෙගුණයක ප්‍රමාණයක් එම පෝෂ්‍ය පදාර්ථථ කරවිල වල අඩංගු වීම සුවිශේෂී ලක්ෂණයකි. එදිනෙදා ආහාර වේලට කරවිල එක්කර ගැනීමෙන් සෞඛ්‍යමය වශයෙන් වාසි රැසක් අත් කර ගැනීමට හැකිය.

කරවිල ග්‍රෑම් 100 ක…

පෝෂණීය ගුණප්‍රමාණය
කැලරිග්‍රෑම් 34
සෝඩියම්මිලිග්‍රෑම් 602
පොටෑසියම්මිලිග්‍රෑම් 602
කාබෝහයිඩ්‍රේට්ග්‍රෑම් 7
ප්‍රෝටීන්ග්‍රෑම් 3.6

දල වශයෙන් අඩංගු වේ. එමඟින් කරවිල ආහාර වේලට එක්කර ගැනීම ඉතාමත් ගුණදායකය. ආහාර වේලට කරවිල එක්කර ගැනීම ක්‍රම කිහිපයකින් සිදුකල හැකිය. ඒ අතරින් කරවිල ව්‍යංජනය, කරවිල බැදුම, කරවිල සම්බෝලය හා කරවිල පානය උදාහරණ ලෙස දැක්විය හැකිය. ඒ අතරින් කරවිල පානය ඉතා සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනී. මෙහිදී එහි තිත්ත රසය අඩු කර ගැනීමට අවශ්‍ය නම් මී පැණි ස්වල්පයක් හෝ ඇපල් වැනි පැණිරස පලතුරක් හෝ දෙහි යුෂ ස්වල්පයක් ආදී ලෙස එක් කරගත හැකිය.

කරවිල පානයේ ඔබ නොදත් ගුණ

කරවිල පානයෙන් ලබා ගත හැකි වාසි කිහිපයක් මෙසේ දැක්විය හැකිය. රුධිරයේ සීනි මට්ටම  පාලනය කිරීම සඳහා කරවිල පානය විශාල වශයෙන් ඉවහල් වන්නේ ඒ සතුව ශාක ඉන්සියුලීන් අඩංගු නිසාය. කරවිල පානයෙන් ශරීරයේ තැන්පත්ව ඇති අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගත හැකිය. එමඟින් හෘදයාබාධ, හෘත් ආඝාතය වැනි රෝග වැළඳීමට ඇති අවදානම අවම කරගත හැකිය. කරවිල පොටෑසියම් වලින් අනූන බැවින්, පමණ ඉක්මවා පවතින සෝඩියම් අවශෝෂණය කරගනිමින් ශරීරයේ රුධිර පීඩනයද පාලනය කරයි. කරවිල යකඩ සහ ෆෝලික් අම්ල වලින් පොහොසත් බැවින් හෘද රෝග ඇතිවීමේ අවදානම අඩුකරමින් නිරෝගී හදවත් සෞඛ්‍යයක් ලබාගැනීමට මහත් සේ ඉවහල් වේ.

Karawila benefits- පිළිකා නසන ගුණයන් බොහෝමයකින් පිරුනු කරවිල -Myherbals.lk

කාන්තාවන්ව සුන්දර කරන කරවිල

කරවිල ආහාරයට එක් කර ගැනීම මඟින් කාන්තාවන්ට සුවිශේෂී වූ වාසි රැසක් ලබා ගත හැකිය. කරවිල සතුව ඇති විශේෂ ප්‍රතිඔක්සිකාරක ගුණය, විටමින් A සහ C සමඟින් එක්ව හම රැලි වැටීම වළක්වයි. එමෙන්ම සමෙහි  ඇති කුරුලෑ, ලප කැළැල් ආදිය ඉවත් කරමින් අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කරමින්, දීප්තිමත් සමක් උරුම කර දෙයි. විටමින් A, C, බයොටින් සහ සින්ක් මඟින් සමෙහි කාන්තිමත් බව වඩවයි. කරවිල යුෂ ක්‍රමවත්ව භාවිතය මඟින් හිසකෙස් ගැලවී යාම, හිසකෙස් පැසීම, හිසකෙස් අග පැලීම, හිසකෙස් තඹ වීම, හිස් හොරි ඇතිවීම, උකුනන් ඇතිවීම වැනි විශාල ගැටළු රාශියකට විසඳුම් ලබාගත හැකිය. එසේම එමගින් නිරෝගී, පිරිපුන් හා කාන්තිමත් කෙස් කලඹක් ලබාදෙයි.

ශරීරයේ බර අඩු කිරිම සඳහාද කරවිල මඟින් මහත් වූ දායකත්වයක් ලැබෙන්නේ ඒ සතුව කැලරි, මේදය සහ කාබෝහයිඩේට් ඉතා අවම ප්‍රමාණයකින් අඩංගු වන බැවිනි. එමෙන්ම මේද සෛල ඇතිවීම හා වර්ධනය වැළැක්වීම මෙන්ම මේද සෛල ඉවත් කිරීම තුලින් තරබාරුව පාලනය කිරීම සඳහා කරවිල පානය විශාල කාර්‍යක් සිදුකරයි.

ශරීරය රෝග වලින් ආරක්ෂා කරයි

අධික ඇල්කොහොල් භාවිතයෙන් පසු අක්මාවේ තැන්පත් වී ඇති ඇල්කොහොල් ඉවත් කරමින් අක්මාව පිරිසිදු කිරීමේ විශේෂ හැකියාවක් කරවිල සතුව ඇත. කරවිල මඟින් අක්මාව තුල ඇති එන්සයිම වල  ප්‍රතිඔක්සිකාරක හැකියාව ඉහල නංවා අක්මාව අකර්මණ්‍ය වීම  වළකන අතර පිත්තාශයේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි.

බැක්ටීරියා, වයිරස වලට එරෙහිව සටන් කිරීමේ විශේෂ හැකියාවක් කරවිල සතුව ඇත. එමඟින් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරමින් ශරීරය තුළ  ආසත්මිකතාවයන් ඇතිවීම හා අජීරණයන් ඇතිවීම වලක්වයි. කරවිල සතුව ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය මඟින් පිළිකා තත්වයන් ඇතිවීම අවම කරයි.

කරවිල වල අඩංගු විටමින් A සහ බීටා කැරොටින් නිසා ඇස් වල නිරෝගි බව පවත්වා ගැනීමට හා ඇස් පෙනීම වර්ධනය කිරීමට දායක වෙයි.

මේ ආකාරයෙන් බොහෝ වාසි ලැබුණද, පමණ ඉක්මවා කරවිල ආහාරයට එක් කර ගැනීමෙන් උදර වේදනාවන් මෙන්ම පාචන තත්වයන් වුවද ඇතිවිය හැකිය. දිනකට ශරීරයට එක් කරගත යුතු කරවිල යුෂ ප්‍රමාණය ලෙස අනුමත කර ඇත්තේ 30ml පමණි.

කරවිල ඇට භාවිතයෙන් නිෂ්පාදිත තෙල්

කරවිල ඇටද ආහාරයට ගතහැකි අතර ප්‍රධාන වශයෙන් කරවිල ඇට භාවිතා කරනු ලබන්නේ විවිධ ඖෂධ වර්ග නිපදවීම සඳහාය.

මෙම තෙල් නිෂ්පාදනය මුලින්ම ආරම්භ කර ඇත්තේ ඉන්දියාවේය. කරවිල ඇට භාවිතයෙන් නිෂ්පාදිත තෙල් වර්ග පිළිබඳව බොහෝ දෙනා නොදනී. කරවිල වල ඇති තිත්ත රසයට හේතුව වනුයේ අධි මාත්‍රාවෙන් අඩංගු  වන පොස්පරස් ය. මෙහිදී කරවිල ඇට වලින් තෙල් වෙන්කර ගත හැකිය. ශ්‍රීලංකාවේ ද දැනට කරවිල තෙල් වෙලදපොලෙන් මිලදීගැනීමට හැකියාව පවතී.

මෙම තෙල් දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබයි. එමෙන්ම අක්මාව, ප්ලීහාව ආශ්‍රිතව ඇති වන ගැටළු සඳහා ද, ජීරණ පද්ධතිය ආශ්‍රිතව සිටින පරපෝශිතයන් ඉවත් කිරීම සඳහා ද, අධික කොලොස්ටරොල් මට්ටමක් ඇති අවස්ථා වලදීද, උදරාබාධ හා තුවාල සඳහාද  ප්‍රතිකර්මයක් ලෙස මෙම කරවිල ඇට භාවිතයෙන් නිෂ්පාදිත තෙල් යොදා ගනී.

දියවැඩියාව සඳහා ප්‍රතිකාර කිරීමටද, ආර්ථව චක්‍රය ක්‍රමවත්ව පවත්වා ගැනීමටද, ගැස්ට්‍රයිටිස් තත්වයන් සමනය කරගැනීම සඳහාද, උණ, හෙපටයිටිස් සහ සරම්ප වැනි රෝගී තත්වයන්ට ප්‍රතිකාර කිරීමටද මෙම තෙල් වර්ගය යොදා ගනී.

වණ හා තුවාල සඳහාත් මෙය යොදගත හැකිවීම විශේෂත්වයකි. වමනය වැනි රෝගී තත්වයන්ට ප්‍රතිකාර කිරීමටද මෙම නිෂ්පාදිත කරවිල තෙල් යොදා ගනු ලබයි. කෘතිම ඖෂධ වර්ග භාවිත කිරීමට වඩා මෙවැනි ස්වභාවික ප්‍රතිකාරයන්ට යොමු වීමෙන් අතුරු ආබාධ ඇතිවීම පහසුවෙන් ම වළක්වා ගත හැකිය.

කරවිල වලින් සෑදූ ස්වාභාවික කරල්

කරවිල වලින් සෑදු ස්වභාවික කරල් වෙළඳපොලෙන් පහසුවෙන්ම ලබාගත හැකිය. කෘතිම පෝෂණ සත්කාර ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධ මෙමගින් අවම කරගැනීමට හැකිය. මෙම කරල් නිෂ්පාදනය කර ඇත්තේ කරවිල පවුඩර් ජෙලටින් හා වතුර භාවිතා කරමිනි. දියවැඩියාව සඳහා, හදවත් රෝග සඳහා ද, සමේ දීප්තිමත් බව වර්ධනය සඳහා ද, නිරෝගී පිරිපුන් කෙස්කලඹක් සඳහා ද, හම රැලිවැටීම වලක්වාගැනීමට ආදී සෞඛයට  හිතකර වාසි රැසක් අත්කර ගැනීමට මෙම කරවිල කරල් භාවිතයෙන් හැකිවේ.

නාගරික ප්‍රදේශවල වෙසෙන ජනයාට එළවළු මිලදී ගැනීමට අපහසු වන  අවස්ථා වලදී මෙම කරල් අදාල මාත්‍රාවට අනුව ගැනීමෙන් ඒ හා සමාන ප්‍රතිඵල අත්කරගත  හැකිය. යම් පුද්ගලයන් කරවිල වලට ආවේණික වූ තිත්ත රස නිසා කරවිල ආහාරයට ගැනීමට අප්‍රියතාවයක් දක්වයි. එවිට එම පෝෂණ කොටස් ශරීරයට නොලැබී යාමෙන් විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතී. එවැනි පුද්ගලයන්ට මෙම කරල පහසුවෙන්ම භාවිත කරමින් අවශ්‍ය පෝෂක කොටස් සිරුරට ලබා ගත හැකිය. වෛද්‍ය නිර්දේශ මත නිෂ්පාදනය කර ඇති මෙම ස්වභාවික කරල් නිසි ප්‍රමිතීන්ට අනුව අදාල මාත්‍රාව පමණක් යොදා විශ්වාසදායී ලෙස වෙළඳපොලට නිකුත් කර ඇත. නූතන පරම්පරාව මෙවැනි ගුණදායක ආහර වලට වඩා, රසවත් බවින් වැඩි කෘතිම ආහාර පරිභෝජනය  සඳහා හුරුවී ඇත. මෙවැනි නිෂ්පාදන මගින් ඔවුන්ගෙන් ගිලිහී යන නිරෝගි බව නැවතත් කිසිදු ආයාසයකින් තොරව ලබාදිමට හැකිවීම මහඟු ජයග්‍රහණයකි. ස්වභාවික ශාකසාරයෙන් යුතු මෙවන් ශ්‍රී ලාංකීය නිෂ්පාදන නිරෝගී පරපුරක් බිහිකිරීම උදෙසා සුවිසල් කාර්‍යභාරයක් ඉටුකරයි.

කරවිල තේ

දේශීය නිෂ්පාදනයක් වන මෙම කරවිල තේ සඳහා භාවිතා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වගා කරනු ලබන ‘medical bitter gourd’ නමින් හඳුන්වනු ලබන කරවිල වර්ගය සහ එහි අඩංගු ඇටයි. නූතන තාක්ෂණය භාවිත කරමින් ඒ තුල අඩංගු සියලු පෝෂණ ගුණයන් ආරක්ෂා වන අයුරින්, පරිභෝජනයට පහසු වන ආකාරයෙන් මෙම කරවිල තේ “තේ බෑග් හෙවත් tea bags” ලෙස සකසා ඇත. කාර්‍යබහුල ජීවන රටාවන්ට හුරුවී ඇති පාරිභෝගිකයාට තම කාලය ඉතිරි කරගනිමින් මෙවැනි නිෂ්පාදන ඉතා පහසුවෙන් එදිනෙදා භාවිතය සඳහා මිලදී ගැනීමට හැකියාව ලැබී  ඇත. මෙම කරවිල තේ, ඖෂධීය පානයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් අනුමත කර ඇති  අතර දිවයින පුරා පිහිටි සුපිරි වෙලඳසැල්, ෆාමසි වලින් මිලදීගත හැකිය. මෙරට නිෂ්පාදිත මෙම කරවිල තේ 100% ස්වභාවික නිෂ්පාදනයක් වන අතර කෘතිම රසකාරක හා වර්ණක වලින් තොරය. මෙම නිෂ්පාදනය  භාවිතයට සුදුසු ඖෂධීය තේ පානයක් ලෙස ආයුර්වේද යෝග සංග්‍රහ කමිටුව මගින් නිදේශ කර ඇත. මෙවැනි වටිනා නිෂ්පාදන භාවිතය මගින් නිරෝගි දිවි පැවැත්මකට උරුමකම් කීමේ හැකියාව සියලූ දෙනාටම උදා වී ඇත. එබැවින් කෘතිම  ආහාර රටාවන් වෙනුවට මෙවැනි ඖෂධීය පානයන් ශරීරයට එක් කර  ගැනීම මගින් සියලු දෙනාම දැනුවත් කිරීම මගින් නිරෝගිමත් අනාගත පරපුරක් බිහි කිරීමට සියලු දෙනාම පෙලගැසිය යුතුය. මේ ආකාරයෙන් ක්ෂණික තේ මිලදී ගැනීම අපහසු අවස්ථා වලදී කරවිල  ගෙඩිය භාවිතා කරමින්ද නිවසේදීම කරවිල තේ පිලියෙල කරගත හැකිය.

රූපලාවණ්‍ය කටයුතු සඳහා කරවිල

කරවිල රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිත කරන්නක් බව කීවොත් ඔබ කුතුහලයට පත්වනවා නොඅනුමානයි. ඔබ සූදානම්  වෙන්නේ සුන්දර මනාලියක ලෙස ඔබේ  ජීවිතයේ සුවිශේෂ වූ මොහොතක්  වන විවාහයට නම්, මේ කරුණු අනිවාර්යයෙන් ඉතාමත් වැදගත් වේවි.

මුහුණේ සම රැලි වැටී ඇත්නම්,  ඔබ කුරුලෑ වලින් පීඩා විඳින  අයෙක්  නම් කරවිල යුෂ පානය කිරීම මගින් රුධිරය පිරිසිදු වන නිසා කුරුලෑ වලින් තොර, ලප කැලලි වලින් තොර දිදුලන සමකට හිමිකම් කිව හැකියි. නව යොවුන් වියට පත්වනවාත් සමඟම  මුහුණේ ඇති වන කුරුලෑ, ලප කැලැල් නිසා බොහෝවිට  ආත්ම විශ්වාසය වුවද  තමා තුළින් ගිලිහී යා හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස මානසිකවද පීඩා විඳින්නට සිදුවෙයි. කරවිල යුෂ පානය කිරීම මගින් එම සියලුම ගැටලු වලට සාර්ථක විසඳුම් ලබා ගැනීමේ හැකියාවක් පවතී. මීට අමතරව කරවිල වලින් නිෂ්පාදිත ආලේපන වර්ගද බහුලව ඇත. එම  අලේපන  කුරුලෑ ඇතිවීම අවම කරමින් මුහුණේ ඇතිවන  තෙල් ගතිය පාලනය කරයි.

(**සැලකිය යුතුයි- ඔබ රුධිර සීනි මට්ටම අඩු අයෙක් නම් කරවිල යුෂ අධිකව පානය නුසුදුසු වේ.)

කුෂ්ට වැනි කරදරකාරී චර්ම රෝග වලින් පෙලෙන්නේ  නම් කරවිල අඩංගු රූපලාවණ්‍ය නිෂ්පාදනයන් භාවිතයෙන් සහනයක් ලබා ගත හැකිය.

කරවිල ඉතා හොඳ මුහුණ පවිත්‍රකාරකයක්  ලෙසද නම් කල හැකිය. දොඩම් පොතු, පිපිඤ්ඤා වැනි ස්වභාවික සංයෝග කරවිල සමග එක් කොට සකසන නිෂ්පාදන භාවිතයෙන් නැවුම් සහ දීප්තිමත් සමකට හිමිකම් කිව හැකිය.

කරවිල අධික තරබාරුව වැලැක්වීමටද යොදා ගන්නා  බව පෙර සදහන් කරන ලදී. එසේ ශරීරයේ බර  අඩුවීම සිදුවන්නේ කරවිල තුල අඩංගුව ඇති අධික ජල ප්‍රමාණය නිසාය. කුසගින්නක් දැනෙන විට කරවිල අහාරයට ගැනීමෙන් එහි අඩංගු ජලය නිසා කුසගින්න පහව යයි. එසේම ව්‍යායාම කරන අතරතුරම කරවිල ද ආහාරයට එක්කර ගැනීමෙන් වඩාත් සෞඛ්‍ය සම්පන්න සිහින් සිරුරකට හිමිකම් කිවහැකිය.

කරවිල ශැම්පූ සහ සබන්

ඉහතදී සඳහන් කළ පරිදී ඝණ, නිරෝගී, හිස් හොරි වලින් තොර වූ දිදුලන කෙස් කලඹක්  ලබා ගැනිම සඳහාද කරවිල යොදා ගනී. අකලට හිසකෙස් වැටීම හා අකලට හිසකෙස් හැලීම ආදී ගැටලු සඳහාද ප්‍රතිකාරයක් ලෙස කරවිල යුෂ භාවිත කල හැකිය. කරවිල  යුෂ වලින් නිෂ්පාදිත ෂැම්පූ වර්ග දැන් පහසුවෙන් වෙළඳසැල් වලින් මිලදී ගත හැකිය.

මීට අමතරව කරවිල ආශ්‍රිතව සබන් නිෂ්පාදනයද සිදු කරයි. එමඟින් මුහුණේ ඇති විශාල සිදුරු කුඩා සිදුරු බවට පත්කර සම නොවෙනස්ව තබා ගැනීමට උපකාරී වෙයි. සමෙහි සීබම් ශ්‍රාවය පාලනය කරමින්, තෙල් සහිත සම නැවුම්ව හා මෘදුව තබා ගැනීමෙහිලා මෙම කරවිල  වලින්  නිෂ්පාදිත සබන් වර්ග මහෝපකාරී  වෙයි.  

කරවිල වලින් සෑදු සුවද විලවුන්

තවද කරවිල ආශ්‍රිත නිෂ්පාදන අතර, මුහුණට අමතරව ඇඟ ගැල්වීම සඳහාද ආලේපන වර්ග මිලදී ගැනිමට හැකියාව ඇත. කරවිල ආශ්‍රයෙන් කර ඇති ඉතා සුවිශේෂී නිෂ්පාදනයක්  වන  සුවඳ විලවුන් පවා පහසුවෙන් මිලදී ගතහැකිය. මෙම සුවඳ විලවුන් වල ඇති වාසිය වනුයේ ඇඟ ගැල්වීමෙන් කිසිදු ආසාත්මිකතාවයක් ඇති නොවීමයි. වෙනත් සුවඳ විලවුන් වර්ග යම් අයට ආසාත්මිකතා ඇති කරන්නේ ඒවායේ ඇති කෘතිම රසායනික ද්‍රව්‍ය නිසාය. කරවිල ආශ්‍රිත සුවඳ විලවුන් ස්වභාවික ලෙස නිෂ්පාදනය කර ඇති බැවින් ඕනෑම සමක් ඇති අයෙකුට කිසිදු බියකින් හා සැකයකින්   තොරව භාවිතා කළ හැකිය.

මේ  අයුරින් කරවිල වල ගුණ මෙන්ම ඒ ආශ්‍රිත නිෂ්පාදන පිලිබඳ සියලු දෙනාම දැනුවත්  වීම තුලින්  තමා දැනුවත්ව හෝ  නොදැනුවත්ව ඇති වී ඇති රෝගී තත්වයන් පාලනය කිරීමටත්, රෝග වැලඳී නැත්නම් තවදුරටත් රෝගවලින් ආරක්ෂා වීමටත් හැකිය. එමෙන්ම ඒකකාරී බවෙන් මිදී මෙම නිෂ්පාදන භාවිත කර තම සෞඛ්‍ය තත්වය  නිරෝගීව  පවත්වා ගැනීමටත්, සුන්දර වූ පෙනුමක් ලබා ගැනීමටත් ස්වභාවිකම හැකියාව ලැබේ. වර්තමාන පරම්පරාව මෙන්ම අනාගත පරම්පරාවද නිරෝගී, දේශීය නිෂ්පාදන අගයන, ස්වභාවික, පෝෂණ ගුණයෙන් යුතු   නිෂ්පාදන  පරිභෝජනය කිරීමට පෙළඹවිම මෙම දැනුවත්වීම් තුළින් සිදු කල හැකිය. එසේම සෞඛ්‍යයට අහිතකර කෘතිම නිෂ්පාදන පරිභෝජනය අවම කිරීමට ක්‍රියාමර්ග ගැනීම තුළින්ද නිරෝගි සම්පන්න පරපුරක් බිහිකිරීමට හැකිවනු නොඅනුමානය.

-End-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *