Edit Content

Product Categories

ආයුර්වේද ෂැම්පූ

හිසකෙස් කාන්තාවකගේ පෙනුමට වැඩි ලස්සනක් ගෙන දෙන අංගයක්. හිස කෙස්වල නිරෝගී බවට ෂැම්පූ කාන්තාවන්ට පමණක් නොව පිරිමින්ට පවා හිසකෙස්වලින් ගෙන දෙන්නේ කඩවසම් පෙනුමක්. කෙනෙකුගේ වැඩි අවධානයක් ලැපෙන අංගයක් ලෙසින් කෙස් කලඹ හඳුන්වන්න පුළුවන්.

ඒ නිසාම කෙස් කලඹ සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන්ද බොහෝදෙනා පිළිතුරු සොයනවා. ඇතැම් අය නොදැනුවත් බව නිසාත් තවත් සමහරු නොසැලකිල්ල නිසාත් කෙස් කලඹ සම්බන්ධයෙන් ගැටළු ඇති කර ගනියි.එහෙත් තමා කෙස් කලඹ සඳහා සත්කාර කළ යුත්තේ කෙසේදැයි දැන ගැනීද සෑම අයෙකුටම වැදගත්ය. එමගින් කෙස් කලඹ නිසි ලෙස  රැක බලා ගැනීමට හැකියාව ලැබේ.

කෙස් ගසට සාත්තු කිරීමේදී හිස් කබලේ මතුපිට ස්වභාව ගැන පවා අවධානය යොමු කළ යුතුය. අපි හිස සේදීමට සේදුම්කාරක භාවිත කරන්නේ කිසිඳු වග විභාගයකින් තොරවයි. සබන් ගා හිස සේදීම කෙසේවත් අනුමත කළ නොහැකියි. මන්ද සබන් වල කෝස්ටික් සෝඩා වැනි ඉහළ ප්‍රථිශතයකින් යුතු රසායනික ද්‍රව්‍යය අඩංගු විය හැකියි. එමෙන්ම සබන් යනු හිස සේදීමට පමණක්ම නිපදවන්නක් නොව. ඒවා අරමුණු කිහිපයක් උදෙසා නිපදවූ දෙයකි.එම නිසා ඝන ද්‍රව්‍යයක් වන සබන් ආලේප කිරීමේදී ඒවා හිසකෙස්වල කැබලි ලෙස තැම්පත් විය හැකියි. හිස සේදීමේදී පවා ඒවා නිසි ලෙස  ඉවත් නොවී තිබීම නිසා කෙස් කළඹට මෙන්ම හිස්කබලට පවා හානි විය හැකියි.

ෂැම්පූ ගල්වන්නේ ඇයි?

ෂැම්පූ යනු හිසකෙස් සේදීම සඳහාම නිෂ්ලාදනය කරන ලද දෙයකි. එහි මූලික අරමුණ කෙස් කලඹ පිරිසිදු කිරීමයි. ඒ නිසා ඒවා නිපදවා ඇත්තේ රම අරමුණ නිසි පරිදි සාක්ෂාත් කරගත හැකි පරිද්දෙනි. ෂැම්පූ දමා හිස සේදීම නිසා යම් යම් ගැටළු පැන නගින බවට ඇතැම් අය තුළ අදහසක් ඇත.  එහෙත් ෂැම්පූ යොදා හිස සේදීමේදී යම් දෝෂයක් වේ නම් එය සිදුවන්නේ ප්‍රමිතියෙන් තොර අධික රසායනික ද්‍රව්‍යය අඩංගු ෂැම්පූ භාවිතයෙන් සහ ෂැම්පූ භාවිතය නිසියාකාරව සිදු කිරීමට නොදැනුවත් බව සහ නොහැකියාව නිසයි.

හිසකෙස් සේදීමට ෂැම්පූ භාවිතා කළ විට හිසකෙස් දුර්වල වෙන බවටත්, වඩාත් සිනිඳු බවක් ඇති වෙ බවටත් ඇතැම් අය තුළ වැරදි මත ඇති වී තිබේ. එසේ වන්නේ තමාට සුදුසු ආකාරයේ ෂැම්පු හා කන්ඩිෂනර් භාවිතා නොකිරීම, ෂැම්පූ පමණක් යොදා හිස සේදීම, ෂැම්පු කිරීමෙන් පසුව  කන්ඩිෂනර් භාවිතා නොකිරීම නිසි ලෙස කෙස් කලඹට සත්කාර නොකිරීම යන හේතු කාරණා නිසයි.

අපි ෂැම්පූ ගල්වා හිස සෝදන්නේ හිසකෙස් හා හිස් කබල පිරිසිදු කරගැනීමේ අරමුණෙනි. මේ කටයුත්ත නිසි ලෙස  සිදුකර ගැනීමටනම් වඩාත් සුදුසු වන්නේ ෂැම්පූ ය.මන්ද ෂැම්පූ දියර ස්වරූපයෙන් තිබෙන නිසා කෙස් මුල්වලට පවා හොඳින් ගැල්විය හැකි වීමයි. ෂැම්පූ තෝරාගැනීමේදී වඩාත් ශරීර සෞඛ්‍යයට යෝග්‍ය ඖෂධීය ගුණයකින් යුතු ආයුර්වේද ෂැම්පූ තෝරාගැනීම තවදුරටත් ඔබ අතුරු ආභාධ වලින් ආරක්‍ෂා කර කෙස් කලඹ නිරෝගීමත් කිරීමට හේතු වනවා. ඒ නිසාම දැන් ඔබට අප විසින් උසස් ප්‍රමිතියෙන් යුතුව ගුණාත්මක බවින් පරිපූර්ණව ආයුර්වේද ෂැම්පූ කිහිපයක් හඳුන්වා දෙනවා. එම ෂැම්පූ භාවිතා කිරීමෙන් ඔබේ අරමුණ කෙතරම්දුරට සපල වනවාද යන්න එක් වරක් භාවිතා කිරීම තුලින් ඔබට වැටහෙනු ඇත.

ඉස්හොරි කරදරෙන් මිදී නිරෝගිමත් දිගු වරලසක් හිමි කරගන්න

හිසේ ඇතිවෙන කැසීමත් සමග සම කුඩා සියුම් කැබලි ගැලවී කුඩු ආකාරයෙන් හිසෙන් ගැලවී යාම ඉස්හොරි යන තත්වය ලෙස  අප කවුරුත් දන්නා දෙයයි. නමුත් ඉස්සොරි ඇතිවීම ඇතැම්විට වැරදි ආකාරයට තේරුම් ගන්නටද ඉඩ තිබේ. සමහර ඉස්හොරි ලක්‍ෂණ ඉස්හොරි නොවන අතර වෙනත් හේතු මත ඇතිවන්නකි. අප ඒවා මොනවාදැයි සොයා බැලුවහොත් ප්‍රථමයෙන් හිසේ සමට බලපෑ හැකි රසායණිකයන් අඩංගු විවිධ හිස් ආලේපන ප්‍රධාන හේතුවක් විය හැකියි. ඇතැම් ෂැම්පූ හෙයා ටොනික් වර්ග සබන් වර්ග හෙයා ක්‍රීම් තෙල් වර්ග ජෙල් මෙවැනි දේ අතර වෙයි. සැර කෑම වර්ග ගැනීමෙන් ලේ ධාතුව ඌෂ්ණ වී එයින්ද මෙවන් තත්වයක් ඇතිවීමේ      ආරම්භය ලද හැකිය.නිසි පෝෂණයක් නොමැති කම පවිත්‍රතාවය මදකම මානසික ආතතිය පීඩනය වැනි තත්වයන් මෙන්ම සම වියලීමට තුඩු දෙන වායු සමීකරණ ආදිය තුළ වැඩි කාලයක් ගත කිරීම සමහර අවස්ථාවලදී ඉස්හොරි වැනි තත්වයක් සඳහා ආසන්න වශයෙන් බලපෑ හැකිය.

කෙසේ නමුත් ඉස්හොරි සුව කරන්නට හෙළ වෙදකමේ සාර්ථක ප්‍රතිකාර රාශියක්ම පවතින අතර එය මුලුමනින්ම පාලනය කර ඉස්හොරිවලින් තොර හිසක් පවත්වාගැනීම ඒකාන්ත වශයෙන්ම කළ හැකිය. ඒ වගේම අකලට හිසකෙස් ගැලවීයාම, අකලට හිසකෙස් පැසීම, හිසකෙස් අග පැලීම වැනි අප කවුරුත් මුහුණපාන ගැටළු ඇතිවීමටද ඉහත කරුනු ප්‍රධාන වශයෙන් බලපාන බව අතීතය දෙස වීමසීමේදී පැහැදිලිවන කරුණකි. 

උළුහාල්, වෙරළු, වදමල්, කුඹුක්, පේර, කොහොඹ, කරපිංචා වැනි සොබාදහමේ විශ්මිත දායාදයන්ගෙන් අපේ හිස කෙස් වලට ලැබෙන යහපත් ප්‍රතිඵල අසීමාන්විතයි. කියා නිම කිරීමට නොහැකි තරම් ගුණයන්ගෙන් අනූන මෙම ඹෟෂධීය ශාක අප ලද සම්පත් වන මුත් වර්තමාණය වන විට නවීකරණය සමග අප ජීවත්වන පරිසරය ඉතා කාර්යබහුල වීමත් මෙවැනි වටිනා ශාක පරිසරයෙන් සීග්‍රයෙන් තුරන් වීමත් නිසා මේවා ප්‍රයොජනයට ගැනීමද සෑහෙනදුරට මගහැරී යනවා. ඒ නිසාම අප නේචර්ස් බියුටි ප්‍රඩක්ට්ස් ආයතනය මගින් “මුතූ” නිෂ්පාදන ඔබ වෙත ගෙනඑන්නේ සොබාදහමේ අමිල දායාදන් නිරෝගිමත් ජීවිතයට ආශිර්වාදය ලෙසිනි. ඔබේ හිසකෙස් නිරන්තරයෙන් නිරෝගීමත්ව තබා ගැනීමට උපකාරීවන ස්වාභාවික ශාක සාරයෙන් නිෂ්පාදන කරනු ලබන ෂැම්පූ කන්ඩිෂනර් හෙයා ඔයිල් භාවිතා කිරීමෙන් ඔබ මෙන්ම එබේ දරුවාද රුදුරු රසායනික මරුවාට අකාලයේ බිලිවීමෙන් වලක්වා ගන්න.

මූලාශ්‍රය

නේචර්ස් බියුටි ප්‍රඩක්ට්ස්

Read more about us from our BLOG | Visit our Facebook Page for our quick updates

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hello ????
Chat now via Whatsapp